ශ්‍රී ලංකා මාතාshrii lankaa maathaa

Sri lanka Matha

Music:
ආනන්ද සමරකෝන්aanandha samarakoon
Lyrics:
ආනන්ද සමරකෝන්aanandha samarakoon

Lyrics

ශ්‍රී ලංකා මාතා 
අප ශ්‍රී ලංකා - නමෝ නමෝ නමෝ නමෝ මාතා

සුන්දර සිරි බරිනී -  සුරැඳි අති ශෝභමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා
අප හට සැප සිරිසෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා - නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්‍යා - ඔබමය අප සත්‍යා
ඔබ වේ අප ශක්තී -  අප හද තුළ භක්තී
ඔබ අප ආලෝකේ -  අපගේ අනුප්‍රානේ
ඔබ අප ජීවන වේ -  අප මුක්තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන භූමි කරා
එක මවකගෙ දරු කැළ බැවිනා - යමු යමු වී නොපම‍ා
ප්‍රේම වඩා සැම භේද දුරැලලා - නමෝ නමෝ මාතා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.