ශ්‍රී ගණ ස්කන්ධshrii gana skandhha

Sri Gana Skanda

Lyrics

(ශ්‍රී ගණ ස්කන්ධ කුමාර නමෝ...//)
(ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//)
(දීපයේ දීප සනාතන වූ...//)
(වාහන මයුරාසනාරූඪ වූ...//)

පිරුවට ඇඳලා කහ දිය ඉසලා
පස් මල් මාල ගොතලා
බැති පුද ගයලා කතර ගෙවාලා
ආවේ සරණ පතලා කදිර පුරේ...
මැණික් ගඟේ තෙද පාන බලේ
(ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//)
(දීපයේ දීප සනාතන වූ...//)
(වාහන මයුරාසනාරූඪ වූ...//)

කාවඩි නැටුවා බැති පුද පූජා
දෑලේ සීනු හඬන්නා
පා ලඟ වැටිලා මම ආවැඩුවා
සමිඳේ පිහිට පතන්නා මුහුණු සයින් හා
දොලොස් නෙතින් දුක බලනු මැනේ
(ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//)
(දීපයේ දීප සනාතන වූ...//)
(වාහන මයුරාසනාරූඪ වූ...//)

(ශ්‍රී ගණ ස්කන්ධ කුමාර නමෝ...//)
(ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.