ශ්‍රී දේවි වගේshrii dheewi wagee

Sri Dewi Wage

Lyrics

ශ්‍රී දේවි වගේ හේයි......

ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඬන්න බැරි හින්දාම
දෑස ‍ඓශ්‍චර්යා වගේ නැතුවාම
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද

සීනි බෝල පෙම් හසුනේ සීනි තිත්ත බව කීවාට
සැලෝලයිඩ් සිනමාවේ චරිත පැතලි බව කීවාට
පෙම් කළාද මං කොච්චර නුඹට

ශ්‍රී දේවි වගේ නටන්න.... 

නුඹේ හොඳම ගී තැටියේ වචන බාල බව කීවාට
සංගීතෙට පිට්ටනියේ එකට නටන්නට නාවාට
පෙම් කළාද මං කොච්චර නුඹට

ශ්‍රී දේවි වගේ නටන්න.... .
(මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.