Lyrics
(සොයුරේ හද තුල රැව්දේ
අපි එක්වී දුක් ගිනි මැලයේ වටවූ ගී රාවේ
සිතුනා ගයන්න පෙරසේ
එනමුදු ඔබ ඔබගේ ලෝකේ මා ඉන්නේ මගෙ ලෝකේ)..//
බාලේ ගම්මානේ මගෙ ආලේ සිහිවී
රූපේ දැකගන්නේ කවදාදැයි සිතමී
එන්නම් ලඟදී මං සිපගන්නම් සොඳුරී
යන්තම් සඳ එලියෙන් පෙම් හසුනක් ලියමි
සොයුරේ හද තුල රැව්දේ..../
මාගේ පණ වාගේ අම්මා සිහි කරමී
පොඩි නංගී හුරතල් වී අයියේ කියු හඬ මට ඇසුනි
හෙලනා ලේ බිඳු වල උණුසුම යන්නට පෙර දෙරණේ
උපදී විරුවන් දස දහසක් වෙනුවෙන් ලක් දෙරණේ
සොයුරේ හද තුල රැව්දේ....//