සොයා සොයා සිහිනේsoyaa soyaa sihinee

Soya Soya Sihine

Music:
නලින් නාගොඩවිතානnalin naagodawithaana
Lyrics:
පැලවත්තේ රතනසිරි හිමිpaelawaththee rathanasiri himi

Lyrics

සොයා සොයා සිහිනේ ඇවිදං යං
බලා බලා ආ මග පිය සටහන් 
අඳුරෙන් සිහිනය දකින වෙලේ
සොයා සොයා සිහිනේ ඇවිදං යං

සිහිනය සඳ වට දිලෙන වෙලේ
අඳුර කපා සඳවත අරගෙන යං
අනාගතේ දෑසට පෙනෙන තුරා
සොයා සොයා සිහිනේ ඇවිදං යං

ගල් පර කඳුහෙල් කටු ඉපල් මතින් 
ගලා හැලෙන දියවැල් සේ දිවියේ
සුන්දර පෙණපිඬු මල් දකින තුරා 
සොයා සොයා සිහිනේ ඇවිදං යං

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.