සොවින් පිරි මගේ හදවතsowin piri magee hadhawatha

Sowin Piri Mage Hadawatha

Lyrics:
ප්‍රේමනාත් විජේවර්ධනpreemanaath wijeewardhhana

Lyrics

සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා

ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී
දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී

සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා

දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී

සොවින් පිරි මගේ හදවත .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.