සොඳුරියේ (Sanam Re Cover)sonduriyee (sanam re cover)

Sonduriye (Sanam Re Cover)

Music:
මිතුන්mithun
Lyrics:
ශානු සමරකෝන්shaanu samarakoon

Lyrics

සිත සිත මා තැවුණේ නුඹ දුන්නු දුක් ගීතේ
විඳ විඳ මා තැවුණේ නෙත් සඟල නුඹගේ
දෑසම රවටාලා නුඹ දුන්නු පෙම් සිහිනේ
තව නෑ මම පතලා වෙන කෙනෙක් මගේ ලොකේ
(සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ.....//)
නැහැ මගේ නැහැ මගේ දිවියෙන් ඔබ හැරයන්නේ
සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ.....

හදවත හැරදා නුඹ ගිය මොහොතේ
මං තනිවුණා ලෝකේ 
(සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ.....//)

දෑස පාරාලා කඳුළු දී මා පාළුවෙන් වූ එදිනේ
දෑත පටලාලා තුරුළු වී නුඹ උන්නු මතක ඇත හිතේ
වේදනා පිරි මගේ ලොවේ නුඹේ සුවඳ පවා තව රැඳී
හඬන අහස මගේ නොම වී හිඳී නම් දුර ඈතට වී
මියැදෙන්නේ නුඹ නොමැති මේ ලොවේ 
මා පතන්නම් මතු භවේ.......
(සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ.....//)
නැහැ මගේ... නැහැ මගේ... දිවියෙන් ඔබ හැරයන්නේ
සොඳුරියේ සොඳුරියේ මා පැතුවේ ඔබයි දිවියේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.