Lyrics
හදවතේ ඇඳි සෙනේ කොහිදො සැඟවිලා
සිතිජයේ හිරු සඳු මැද අතරමං වෙලා
ඔය රුව දැක මා දෙනෙත මත් වුනා
ඔබෙ සෙනේ කොහිදෝ රෑ අඳුරෙ සොයමි මා
සොඳුරියේ... තවම මා ආදරෙයි
පිදූ ආදරේ ඇකී මැකී ගියා
සොඳුරියේ... තනිව මා පාළුවේ
විඳවයි මා හද සුසුම් හෙලා
විඳවයි මා...
මගෙ නෙතේ නෙතු කොනේ කඳුළු සිරවිලා
ළබැඳියේ හැඟුමන් මා හදේ තෙරපිලා
ඔය රුව දැක මා දෙනෙත මත් වුනා... එදා
සොඳුරියේ... තවම මා ආදරෙයි
පිදූ ආදරේ ඇකී මැකී ගියා
සොඳුරියේ... තනිව මා පාළුවේ
විඳවයි මා හද සුසුම් හෙලා
විඳවයි මා...
විඳවයි මා...