සොඳුරී මගේsondurii magee

Sonduri Mage

Lyrics

සොඳුරී මගේ - පණ මෙන් බැඳී
මා හැර දා පලා යාවිදෝ

ගිරවිය ගියාලු රන් කූඩුවෙන්
පැණ විළඳ නී රස වූ දා

සුනු සහලේ බත රජ බොජුනයි
පැල්පතක වුවත් පෙම් රස උතුරයි
ඔබ නැති දා - මට මා නෑ
දෙවියනේ ඈ කියූ වදන්
ඇගෙ මතකෙන් මා මකනු එපා

සිනිඳු කසී සළු ගෙන එන්නම්
රන් මුවා මාල ගෙන පළඳින්නම්
සෝක තැවුල් -  නෑ සුසුමන්
දෙවියනේ ඈ කියූ වදන්
ඇගෙ මතකෙන් මා මකනු එපා


Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.