සොඳුර අප ගිමත් කල්sondura apa gimath kal

Sondura Apa Gimath Kal

Music:
නවරත්න ගමගේnawarathna gamagee
Lyrics:
විජය නන්දන පෙරේරාwijaya nandhana pereeraa

Lyrics

(සොඳුර අප ගිමත් කල් පිපුණු මල්....//)
පිපුණු මල්....

හිතත් පපුවත් මැරුණු පොළොව පිට
තෙතක් නැති අහස යට දැවි දැවි තැවුල්පත්
ගිමත් කල් පිපුණු මල්
සොඳුර අප ගිමත් මල්
සොඳුර අප ගිමත් කල් පිපුණු මල්.....

නග නගා අත් නිගා දී සිනිඳු සිත් පෙති තලන
සුවඳ නොහඟින ලොවක දිවා අඳුරෙම මියෙන
සුවඳ නොහඟින ලොවක දිවා අඳුරෙම මියෙන
මියෙන.... 
(සොඳුර අප ගිමත් කල් පිපුණු මල්....//)
පිපුණු මල්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.