සෝක සැනසුම් වේදනාවන්sooka saenasum weedhanaawan

Soka Sanasum

Lyrics

(සෝක සැනසුම් වේදනාවන් 
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසේ කඳුලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා...//) 

(වීණාවෙ තත් මැද ගී ගයන්නේ
පෑ සෙනේ හද මිහිර මවා...//)
රන්කේලි බඳිමින් මඟ සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා

සෝක සැනසුම්....

(මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ...//)
සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ

සෝක සැනසුම්....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.