සොඳුරු ලොවට මල් වැහැලාsonduru lowata mal waehaelaa

Soduru Lowata Mal

Lyrics

සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා //

රෝස මලට හිත වැටිලා
බඹරෙකු සේ මා සොයලා
ඈත හිටන්
ඈත හිටන් ආවදෝ
ඔබ පියඹාලා
මා ආදරේ පායන් හදේ
මා ආදරේ පායන් හදේ

ගුණ සුවඳට මත් වෙනවා
හද මල් උයනක් වෙනවා
සිත උතුරා
සිත උතුරා ගලන පැයේ
ඔබ ළං වෙනවා
මා ආදරේ පායන් හදේ
මා ආදරේ පායන් හදේ

සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා

පෙමට පායලා /////



ගී පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
අපේක්ෂා චිත් ‍රපටියෙන්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.