සොදුරු ලඳුනි මා වියරු උනේ ඇයිsodhuru landuni maa wiyaru unee aeyi

Soduru Laduni

Lyrics

සොදුරු ලඳුනි මා වියරු උනේ ඇයි
නුඹ ගැන නොසිතා කුරිරු ලෙසින්
ඇසුරු සැනින් ඉක්මන් උන මගෙ අත
පුපුරු ගසයි සාත රිදුමි දෙමින්
ඉවසුන් නැති මට සමා කරන්

සැක ඇති තැන් දැක මුලා උනෙමි මම
සිත වාවාගනු බැරි තැනදී
සියල්ල උනු පසු තේරුමි ගත්තෙමි 
ඔබට නපුරු උනු මා වැරදියි

ඉකා බිඳ බිඳ නුඹ හඩා වැටෙන හඩ
යලා අැසුනා රැවි පිලි රැවි දී
උණු කඳුලක උණු රස දැනුනා මට
ඔබගේ දෙකපුල් සාපගද්දී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.