සොඳුරියේsonduriyee

Soduriye

Music:
රුවන් ශ්‍රීruwan shrii
Lyrics:
රුවන් ශ්‍රීruwan shrii

Lyrics

සොඳුරියේ ඔබ මගේ ආලය
කුමරියේ ඔබ මගේ ජීවය
විසල් මැදුරෙන් පිටත එන්නට 
වරම් නොලැබූණු සොඳුරියේ...

සදා සුරකිමි ඔබේ සෙනෙහස
එනතුරා යළි ඔබ මගේ වෙත...

හීන ලියූ පොත් පිටු ගණන් අද
නුඹේ නම ළඟ ලියූ කවි මම
සිතේ තෙරපෙන නෙතේ වැලපෙන
සුසුම් යට හැඟුමන් තියා
යදම් බිඳගෙන පලා එන්නට
ඔබේ සිත සුසුමන් සලා
හැර නොයන් සඳවතිය කිසිදින
ජීවිතය තිබෙනා තුරා
සිහින මා ළඟ තියලා
ඔබ ගියපු දුර මට දැනුණා
එන්නේ කවදද ආයෙමත් ඔබ සොයලා
සිහින මා ළඟ තියලා
ඔබ ගියපු දුර මට දැනුණා...

සොඳුරියේ ඔබ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.