සොඳුරිය ඔබගේ උවන මලක් නම්sonduriya obagee uwana malak nam

Soduriya Obage

Lyrics

සොඳුරිය ඔබගේ උවන මලක් නම්
නිශා කලෙහි ඔබ සෙව් සෙවු බඹරිඳු මා 
සොඳුරිය ඔබගේ.....

සොඳුරිය ඔබගේ උවන සඳක් නම් 
දිවා කලෙහි පුල් කුමුදු මලෙකි මා//
සොඳුරිය ඔබගේ....

සොඳුරිය ඔබගේ උවන මිණක් නම්
යොමා බැලුවෙ අහසේ තරු දෙස මා 
සොඳුරිය ඔබගේ වියොව දුකක් නම් 
සදා දෙනෙත් කඳුළින් සදනුද මා//
සොඳුරිය ඔබගේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.