සොඳුරිය කාලය කොතරම් නපුරුදsonduriya kaalaya kotharam napurudha

Soduriya Kalaya Kotharam Napuruda

Music:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
Lyrics:
සමන්ත හේරත්samantha heerath

Lyrics

සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම්... නපුරුද සොඳුරිය

පෙරුම් පුරා දුකසේ ගළපාගත්
කවිය ඔබම වී නැළවුණ යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය

සොඳුරිය කාලය....

ලොවට හොරා විලිලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය

සොඳුරිය කාලය....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.