සෝබමාන ගුවන් සේවිකාsoobamaana guwan seewikaa

Sobhamana Guwan Sevika

Music:
ලෝස් මුචාචෝස්loos muchaachoos
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

(සෝබමාන ගුවන් සේවිකා
ගමන බිමන අහස් යන්තරේ
ලංකා භූමි සමඟ දූතිකා
රටින් රටට යයි සැරින් සැරේ...//)

පියුම වාගේ මූණයි
කොණ්ඩේ කිතුල් රෑනයි
ටිකිරි දසන් පාලා
සිනහ නගාලා...

සෝබමාන ගුවන්.../

සුවඳ පැනින් නාලා
මූණේ පුයර දාලා
දෑසේ කැලුම් පාලා
තුටින් වෙලීලා...

සෝබමාන ගුවන්.../

සාරිය පටලෝලා
ඉඟ සුඟ නලවාලා
දනමන පුබුදලා
අනංග ලීලා...

සෝබමාන ගුවන්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.