Lyrics
සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි //
සුසීත ගංගා තලේ
නීල දිය රැල්ල වෙරළේ එළේ //
ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ
පැද යන්න හබලක්ද ඕනෑ ජලේ
සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි //
පැසීල ඇති පාඩුවේ
මිහිරි රසදායී ඵල ජාති වේ //
දුරදීම දැකලා දැනේදෝ කෙසේ
ගෙඩි කන්න නැති දිවට නොදැනේ රසේ
සොභා අලංකාරේ මුහුණේ
තමන්ට දැකගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි