සෝභාව දේsoobhaawa dhee

Sobawa De

Lyrics

සෝභාව දේ මෙපුර සිරි විසිතුරු 
බලනු මිතුරු මග පියකරු වූ 
සුසුදු වලා කැරලි පලසකි මේ 
මග දිග ඇතිරූ අහස සූරන මැදුරු 

පාර දෙපැත්තේ සොඳුරු සල්පිල් වල 
දෙව්ලොව නැති සැප විකුනන්නේ 
නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් 
තඹයට දෙන්නේ නිබඳ සිත ලතැවෙන්න

සෝභාව දේ.../

(ජේත්තු කාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පුදින්නා)..//
දෑසින් අමතන බස් වැසුණු දොරක් විවිර කරන්නේ 
එළිපිට ඇත අවකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ 

සෝභාව දේ.../

(සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල් පිබිදෙන්නා 
ඇසුවන් දුක් සින්දන ගී සින්දු සවන පිනන්නා)..//
සත හට සෙත සලසා අතකින් මදුවිත පුරවන්නේ 
සව්දිය පුරන ළඳක් රකුසූ නෙතක් පාළු කපන්නේ 

(සෝභාව දේ මෙපුර සිරි විසිතුරු 
බලනු මිතුරු මග පියකරු වූ 
සුසුදු වලා කැරලි පලසකි මේ 
මග දිග ඇතිරූ අහස සූරන මැදුරු)..// 
සෝභාව දේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.