Lyrics
නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා.. මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා.. මුනිවත රකිනා
සොබනා....ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා
නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී
නොයමී .. නුවරට මා නොයමී
වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී
දනිමී.. පෙර අත් බව හුරු දනිමී
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
පිටවාන් දමන හැඟුමේ තනියේ
පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී
සුවඳයි.. කුමුදිනියේ මගෙමයි
අපි ආයේ හමුවේවිද කවදා මං නොදනී
පුදුමයි.. හිත මුමුණයි ඔබ ගැනමයි
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
හාදු තියමි සුළඟට තනියේ
නීල නයන කරකා මාව මගැර බලනා....