ස්නේහය (ස්නේහයේ සියොතුන්)sneehaya (sneehayee siyothun)

Snehaya (Snehaye Siyothun)

Music:
තරිඳු දම්සරtharindu dhamsara
Lyrics:
ශාලික දිසානායකshaalika dhisaanaayaka

Lyrics

ස්නේහයේ සියොතුන් සැරූ
කැදලි තැනූ කෙනෙකුත් නොවූ
ආදරේ මිටියාවතේ විත් උනුහුමේ දැවටී
තනි හිතට හෙවනක් නොවූ හසකැනින් පිරිපත් නිවූ
ජීවිතේ හරි පුදුම තැන් මට කියා දුන් මිහිරී…

සදැස් ගැලපුනු හිතට උල්පත නුඹම වී හුන්දා
හෝඩියක් මදි මට ලියන්නට තියේවිද උපමා
හිමිකමක් නුඹේ වග කියන්නට වරම් හිමිවුනු දා
ඊට වැඩියෙන් කිරුලු කොයි මට තියේවිද මතුදා…

සීරුවෙන් හිත දැඩි කරන් ඇවිද යනවිට ආදරෙන්
සඳත් පැරදී සැඟව යනවා වැහි වලාකුල් තීරයෙන්
වාරුවෙන් නිවනක් සොයා වන්දනාවක සේ ඉතින්
මාරුතේ ඈතට නොයා ලඟම දැවටීයන් පෙමින්…

ස්නේහයේ සියොතුන්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.