සියුමැලි හීනෙකsiyumaeli hiineka

Siyumali Heeneka

Music:
තිවංක පින්නවලthiwanka pinnawala
Lyrics:
මනෝරි රණසිංහmanoori ranasinha

Lyrics

සියුමැලි හීනෙක මගෙ හිත අස්සේ
කවුරුද ඉඟිපා මගෙ ළය මැද්දේ
හිනැහී මා දෙස බලලා
දුරකින් ඉඟියක් කරලා
කවුරුද කවුරුද ඔබ සියුමැල්ලේ

නෙත හැමදා දකිනා හීනෙට මම පෙම් බැන්දා
ඒ ලස්සන සිනහව මගෙමැයි මේ හිත කිව්වා
සසරේ මතකයෙ රැඳිලද
සුරඟන ලොවකින් මැවිලද
කවුරුද කවුරුද ඈ මගෙ සිහිනේ

එක වදනක් පවසා එනවද විගසින් පියඹා
මගෙ සිහිනය දකිනට ආසයි හැබැහින් හැමදා
නෙත් වල ඇඳි ඒ සෝබා
හදමගෙ පුරවයි පෙම් පා
කවුරුද කවුරුද ඔබ   සියුමැල්ලේ

සියුමැලි හීනෙක මගෙ හිත අස්සේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.