සියුම් තැන්siyum thaen

Siyum Then

Music:
අරුණ ගුණවර්ධනaruna gunawardhhana
Lyrics:
ධනුෂ්ක ප්‍රනාන්දුdhhanushka pranaandhu

Lyrics

සියුම් තැන් රතු වෙලා
ගතේ සුම් හිරවෙලා
හැඟුම් වැගිරී සැතපිලා
කොතැනකම හෝ වැරදිලා

මුදු වදන් පවසලා
සුමට හිත සනසලා
හීන දම් පටලලා
සිරගෙයක අද රඳවලා

නෙත ගැටුනු වහ වැටුනු කෙටි කාලයේ
ස්පර්ශයට හිරිවැටුනු අනුරාගයේ
උමතු වී කෙලවරට
ගෙන ගියේ කිව මැනේ
ආදරේ

නෑ සිතුවෙ සමුදෙන්න කිසි කලෙකදී
දිගු නින්දෙන් ඇහැරෙන්න තව කල් ඇතී
ආලයේ රලු කෙමක් පැතිරුනේ මහ විසක්
අපෙ ලොවේ
ජීවිතයේ

මුදු වදන් පවසලා
සුමට හිත සනසලා
හීන දම් පටලලා
සිරගෙයක අද රඳවලා

සියුම් තැන් රතු වෙලා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.