Lyrics
සියලු වරදින් තුරන් වූ කෙනෙක් නෑ ලොවේ
ලෝකෙ ඒ දහම අපටත් පොදුයි ජීවිතේ
දෑස ඔබෙ දකින වරදක් ඇතොත් මා කෙරේ
ඒක වරදක් නොවේ සිතා මා කළේ
ලොවට හිනැහෙන්න මා දුන්න පාඩම් පොතේ
නැවත මට දුන්න ඒ පිටුව ඉරිලා ඇතේ
කෙනෙකු සනසන්න යුතුකම් කළත් මා කෙරේ
ලැබෙන දේ දෑසෙ කඳුළැල්ය මේ ජීවිතේ
මාගෙ මුළු ජීවිතේ පිදුව පිදුමන් මෙසේ
ඔබත් මා වාගෙ නම් එක්ව තේරුම් නැතේ
දිනක වරදක් වුණොත් මා අතින් මේ ලොවේ
කෙනෙකු රැක ගන්න ඕනෑ නිසයි පණ වගේ