සියක් මල් පෙතිsiyak mal pethi

Siyak Mal Pethi

Music:
අරුණ ගුණවර්ධනaruna gunawardhhana
Lyrics:
තරිඳු වීරසිංහtharindu wiirasinha

Lyrics

සියක් මල් පෙති සලනු දුටුවත්
මසිත පාවුණා අහසේ
මලක් යැයි සිත කියන තවමත්
දුටුව සඳ නැවතුනා සතොසේ 

පිපුණු රූ ඉඳුවරම දකිමින්
දිලුණු සියුමැලි පෙතිම සිඹිමින්
මැවුණු සෙනෙහස අරුම මවමින්
පාවුණා සිත නිල් දියේ

සියක් මල් පෙති සලනු දුටුවත්....

අහිමි සඳවත මම ද තවමත්
අහිමි ඉඳුවර නුඹ ද තවමත්
හමු නොවන වෙන් නොවන අයුරින්
පාව යයි සිත නිල් දියේ

සියක් මල් පෙති සලනු දුටුවත්....
දුරස්වූ සඳ නැවතුනා සතොසේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.