සියක් දහසක් ඇවිත් යන්නැතීsiyak dhahasak aewith yannaethii

Siyak Dahasak Awith

Lyrics

සියක් දහසක් ඇවිත් යන්නැතී
සොදුරියේ අප දෙස බලා
වැවේ දිය කද දන්නවා ඇතී
දියවරේ හැන්ගුනු කතා
දියවරේ හැන්ගුනු කතා

ඉසුරු කුමටද සදළු තලයක
සැපකී මට මේ පවුර පාමුළ
නුබම පමණයි එකම ගැහැනිය
කළුගලක හද ගැස්ම හදුනන
කළුගලක හද ගැස්ම හදුනන

අනෝරා වැහි ඇදහැලෙන විට
පපුතුරේ උනුහුම රකින ඔබ
පිලිරුවක් වී උන් නිසාමද
නොගියේ මා මෙහි අතරමං කොට
ොගියේ මා මෙහි අතරමං කොට

සියක් දහසක් ඇවිත් යන්නැතී
සොදුරියේ අප දෙස බලා
වැවේ දිය කද දන්නවා ඇතී
දියවරේ හැන්ගුනු කතා
දියවරේ හැන්ගුනු කතා
දියවරේ හැන්ගුනු කතා
දියවරේ හැන්ගුනු කතා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.