සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙනsiyak aayu laeba mageth aayu gena

Siyak Ayu Laba

Lyrics

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවන් වේවා
මෙතේ බුදුන් කළ ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා ...

මහ පොළව සේ නිහඩ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා ...

සියක් ආයු ලැබ ...

ගතේ රුහිරු ලේ කිරිපෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මවු හදවත
නිවන්පුරයට යන මංපෙත හෙලිකළ
පහන් ටැඹක් වේවා ...

සියක් ආයු ලැබ ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.