Lyrics
සිටුවරුන්ට සළු වියන්න සිදාදියට පිය මැන්නේ
අග හිඟකම් නිසාද කියනු සුදු නංගියේ
තනියට නොතනියට ඔබේ ළඟින් ඉන්නට
සමනලයින් පියාසලයි වෙළෙඳ කලාපේ
නෙතු යන යන තැන සිත අරගෙන ඉගිලෙන්න එපා
හමුවන සමනලයන් හට ඔබේ සිත දෙන්න එපා
ජීවිතයේ හිමි කරුවා දිනෙක එනතුරා.......
බොරු කිය කිය හිත අරගෙන අත්තේන් අත්තට
තුරුල් වෙන්න මාන බලයි පඩියෙන් පඩියට
සතෙන් සතේ හම්බ කරපු දේ අනාගතේට
ලස්සන හෙට විනාශ වී යයි අඳුරු ලොවකට......
සිටුවරුන්ට සළු වියන්න සිදාදියට පිය මැන්නේ
අග හිඟකම් නිසාද කියනු සුදු නංගියේ.......
හිරු සැඟවී අඳුර ගලා යන ගොම්මන් යාමේට
ආදරයෙන් උතුරා යන පෙම් හිත අරගෙන
පිපුණු මලේ සුවඳ අරන් බඹරු ගිය දින
පසු තැවිල්ල හිමි කර දේවී අනාගතයට......
සිටුවරුන්ට සළු......