සිටු කුමාරියේ නුඹට සීතල අගුණයිsitu kumaariyee numbata siithala agunayi

Situ Kumariye Numbata Seethala Agunai

Lyrics

සිටු කුමාරියේ .... නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අග හිඟ නරකයි ....
අග හිඟ නරකයි ....
සිටු කුමාරියේ .... නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි

කුලී ගෙදර වහල කැඩී සිංහල උළු බිදී
නිල් තරු එළි හීන රටෙන් ගලා හැලෙන්නේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ ....
ඒක කියන්නේ ....

සිටු කුමාරියේ ....

කණකර අන් සන්තක වී ජීවිත සින්න වී
පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ ....
ඒක කියන්නේ ....

සිටු කුමාරියේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.