සිතුවිලි සිරවීsithuwili sirawii

Sithuwili Siravi

Music:
H M ජයවර්ධනh m jayawardhhana
Lyrics:
කුසුම් පීරිස්kusum piiris

Lyrics

(සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිඳ වැල‍පෙනවා... 
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා...//)

ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

සිතුවිලි සිරවී....

මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබෙයි මගෙයි ලොව කදුළු දකී

සිතුවිලි සිරවී....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.