සිතුවිලි පැටලීsithuwili paetalii

Sithuwili Patali

Music:
විනෝද් මැල්පිටියwinoodh maelpitiya
Lyrics:
යසිත් කලණyasith kalana

Lyrics

සිතුවිලි පැටලී රිදවයි කඳුලැලි දැවටී හඬවයි
පැතුමන් බොඳ වී සසැලී මා 
හද ඔබ එනතුරු මඟ බලයි.....

කුරුලේ සැඟවී හිඳිනා දිනයේ 
පාළුව දුරනා තනිකම නෑ පෙර දැනිලා
ඔබේ ළඟ මා රැඳුනා සිහිනය බොඳ වී
තනිකම දුරුවී අඳුරට ලෙන්ගතු වී මා......

සිතුවිලි පැටලී.......

සසැලී හද මා රිදෙනා ඉවසා ඔබවම පැතුවා
මතකය නෑ දැන් වෙන් වීලා
පතමී ඔබ දිවුරාලා සඳ නැති මේ අහසේ
දිලෙනා තනි තරුවයි ඔබගේ මා.......

සිතුවිලි පැටලී.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.