සිතුවිලි හිරිපොදsithuwili hiripodha

Sithuwili Hiripoda

Music:
පසන් ලියනගේpasan liyanagee
Lyrics:
හේෂ් ජේheesh jee

Lyrics

සිතුවිලි හිරිපොද වෑහෙනා හිරිමල් හැඟුමන් සෑහෙනා
සිහිනෙක සිතුම් සැබෑ වෙනා වස්සානය යලි එළැඹුණා
හසඟනක් ඔබ සුරලියක් අහසින් බැස ආ දෙව්ලියක්
ලස්සනයි ආඩම්බරයි ඔබ මගේ දෝ රැජිණිය.....

මන්දාරමේ වැහි කෝඩයේ ලං වූව දා බැඳි ආදරේ
තනි වූ දෙහිතකට යා වූ දේදුන්න වාගේම පෑයු.....

සිතුවිලි හිරිපොද......

සංසාරයේ සංතාපයේ සංවේදනා සංසිඳවුණේ
සදහටම පිසලන්න කඳුලැල් 
මට දෙන්න ඔබේ සිනිඳු දෙකොපුල්.....

සිතුවිලි හිරිපොද......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.