Lyrics
සිතුවම් කළා ඔබේ හසරැල් මවා
හිත් අහසේ දේදුන්නේ සායම් කවා
සඳ සිතේ ඔය දෑතේ තුරුලට වෙලා
තරු රැනේ අපි උන්නා මුළු රෑ පුරා
රෑ අහසේ තරු අතරේ සැඟවුණිදෝ
ප්‍රිය සොඳුරේ.....
මියැදෙන්නම් මතු භවයේ හමුවෙනතුරා........
ගං ඉවුරේ තුරු සෙවණේ අපි පෙම් කළා
මුදු දෙතෝලේ උණුහුමට මා නතු කළා
මියැදෙන්නෙත් අපි එකටයි ඔබ කොඳුරලා
(අමතක නෑ පැවසූ හැටි මට දිව්රලා.......//)
රෑ අහසේ තරු අතරේ සැඟවුණිදෝ
ප්‍රිය සොඳුරේ.....
මියැදෙන්නම් මතු භවයේ හමුවෙනතුරා........
නිල් සයුරේ සුදු වෙරළේ සැනසුම් ලබා
ළය තුරුලේ රළු පහසේ මා සතපලා
ඔබ උන්නා තුරු අතරේ අද සැඟවෙලා
(අපි දුර නෑ දැවටෙනු මැන සුළඟක් වෙලා.....//)
සිතුවම් කළා......