සිතුනාද සිතුවාද වීරයා හසලකsithunaadha sithuwaadha wiirayaa hasalaka

Sithunada Sithuwada Hasalaka

Lyrics

සිතුනාද සිතුවාද වීරයා හසලක
කඳවුර බේරගන්නට
පැන්නාද පැන්නා
ඒ මරුවා දැක දැක
මාරක බුල්ඩෝසරෙට

සිතුනාද සිතුවාද වීරයා හසලක
කඳවුර බේරගන්නට
පැන්නාද පැන්නා
ඒ මරුවා දැක දැක
මාරක බුල්ඩෝසරෙට

ඒ සුදු වැලි කතරෙ
මහ තල් ගස් අතරෙ
එදා අලිමංකඩ මහ යුධ පිටියේ
මාර කොටි වනන්තරේ
රෑ යාමේ කළුවරේ
මේ ගාමිණී මුර සේවයෙ හිටියේ

රුදුරු මහ ගන අඳුරේ
අවට කළු දුම පැතිරේ
මර හඬ දීගෙන හිටි හැටියේ
කොටියන්ගෙ කරදරේ
රටට කොඩි විනය කරේ
මේ.. බෝම්බ අටවලා යුධ පිටියේ

එදා අලිමංකඩ මහ යුධ පිටියේ
එයා දිවි පිදුවනෙ මරුවා ඉදිරියේ
එදා අලිමංකඩ මහ යුධ පිටියේ
එයා දිවි පුදකලෙ මරුවා ඉදිරියේ

මරාගෙනම මැරෙන්ට
අපේ සෙබළු නසන්ට
මුන් එන්නෙ කඳවුර තුලට
වීර උදාර ලෙසට ගාමිණී හනිකට
ගත්තා ගතයුතු පියවර ඊළඟට

අත ළඟම මරු කට
මාර යක්ෂයො ලෙසට
කොටි එන්නෙ කඳවුර තුලට
ගාමිණී හනිකට
බෝම්බ ගත්තා දෑතට
පැන්නලු එන බුල්ඩෝසරෙට

එදා අලිමංකඩ මහ යුධ පිටියේ
එයා දිවි පිදුවනෙ මරුවා ඉදිරියේ
එදා අලිමංකඩ මහ යුධ පිටියේ
එයා දිවි පුදකලෙ මරුවා ඉදිරියේ

ඉතිං කොටි බල බිඳුනා
ගාමිණී නැති වුණා
ඒ බුල්ඩෝසර සුනු විසුණු වුණා
යුද්ධ කඳවුර රැකුනා
අපේ සෙබළු බේරුනා
තවත් එඩිතර වීරයෙක් නැති වුණා

මුළු හසලක ගමට ඒ ගාමිණි නමට
වීර පදක්කම්ද හිමි වුණා
සිංහල ජාතියට ඔබ කල සේවයට
අපෙ උපහාරය පුදන්නට වුණා

සිතුනාද සිතුවාද වීරයා හසලක
කඳවුර බේරගන්නට
පැන්නාද පැන්නා
ඒ මරුවා දැක දැක
මාරක බුල්ඩෝසරෙට

එදා අලිමංකඩ මහ යුධ පිටියේ
එයා දිවි පිදුවනෙ මරුවා ඉදිරියේ
එදා අලිමංකඩ මහ යුධ පිටියේ
එයා දිවි පුදකලෙ.
මරුවා ඉදිරියේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.