සිත්තම් කරමින් siththam karamin

Siththam karamin

Lyrics

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව 
කවදා හෝ යලි දකින තුරා 
රෑව් පිලි රෑව්දී ඇසෙන ඔබේ හඬ 
යලි මගේ සවනත වැකෙන තුරා 
විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා 
	
දෙලොවක් අතරේ සරන ඔබේ හිත
 මෙතරම් සසලෙන් නැතුව ඇතී 
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට 
වැඩියෙන් දුක දනෙනවා ඇති 
විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා 

භවයෙන් භවයේ අහිමව හිමිවන 
නොපිරූ පාරමිතාව පුරා 
සමුගනිමුද අපි අපේම වූ මතු 
බවයක යලි හමු වෙමුයි පතා 
විඳින්න  දුන් ජීවිතය අරන් මං විඳවන්නද මේ භවය පුරා 

සිත්තම් කරමින්................... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.