සිතින් සිනා සිසීsithin sinaa sisii

Sithin Sina Sisi

Music:
රූකාන්ත ගුණතිලකruukaantha gunathilaka

Lyrics

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්නදෝ
පුංචි ආදරේ කතන්දරේ

ආදරේ නමින් දිලෙන පහනේ පහන් සිලේ
දීප්ති බින්දුවයි ඔබ නයනේ
ඒ පහන් වැටේ එළිය අප හා සිනාසුණා
යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි

සිතින් සිනා සිසී....

රාත්‍රියේ රිදී පොකුරු තරුවේ ඇඳී තියේ
රත්තරන් රුවින් පෙම් රේඛා
ජීවමාන ඒ සුවඳ හිරිමල් යොවුන් වියේ
පෙමේ සුසුම් පවා සුන්දරයි

සිතින් සිනා සිසී....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.