සිතින් ප්‍රේම වඩනා - ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේsithin preema wadanaa - gaessena paedhdhena lassana lookee

Sithin Prema Wadana - Gassena Paddena Lassana Loke

Lyrics

නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුණේ හැන්දෑවක් වාගේ

සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී 
මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී 
තාරකා රිදී සිනාවන් 
අහස්කුස මැවු රටාවන් 
පීදෙනා මගේ හැගුම් සිත්තම් 
මා දිව්‍ය අංගනාවී…

දේදුන්නේ හීන කැන්දු නීල වර්ණේ නේත්‍රා මනරම් 
රෑ කාලේ සේද රැන්දු කේශ සේනා මවනා සිතුවමි 
මාලතී කොපුල් සිනාසී  - ආදරේ දෝර ගලාවී 
සුසුම් වැල් දෑසේ මියැදී...

සිතින් ප්‍රේම වඩනා...

හැන්දෑවේ සයුරු තීරේ කීව ගීතේ මාත්‍රා හුරතල්
මල් වාගේ කෝල බැල්මේ පෑයු මුනේ මායා විකුමන්
මාලතී කොපුල් සිනාසී ආදරේ දෝර ගලාවී 
සුසුම් වැල් දෑසේ මියැදී…

සිතින් ප්‍රේම වඩනා…

( නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුණේ හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා කෝල ඇහැක් වහලා
ප්‍රේමි හිතක් දීලා යනවද හීන හතක් මවලා) …//

දෑස් පියන් නටවා කෝල ඇහැක් වහලා
ප්‍රේමි හිතක් දීලා යනවද හීන හතක් මවලා

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ
යෞවනයයි අපෙ සුන්දර කාලේ
අපි රජ වෙනවා අපි රජ වෙනවා
ඔය මොක මොක කීවත් එක එක තාලේ
මේකයි පිස්සුම පිස්සුම කාලේ
අපි හිනැහෙනවා අපි හිනැහෙනවා

අව්වට වැස්සට තෙමි තෙමි වේලී
අපි කල දේවල් හරිම ජොලී
වයසට ගියාම මොනවා කරන්නද
කරන්න දේවල් මුකුත් නැතී

ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ…//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.