සිතින් පතා ඉන්නම් කුළුඳුල් ‍පෙම් පැතුමන්sithin pathaa innam kulundul pem paethuman

Sithin Patha Innam Kuludul Pem Pathuman

Music:
කුමාරසිරි පතිරණkumaarasiri pathirana
Lyrics:
කුමාරසිරි පතිරණkumaarasiri pathirana

Lyrics

(සිතින් පතා ඉන්නම්
කුළුඳුල් ‍පෙම් පැතුමන්
ඉතින් සිනා‍සෙන්නම්
ඔබ‍‍‍ගේ රූ මවමින්...//) ‍

කියාගන්න බැරි වදනක් ඔබ ‍වෙත
මසි‍තේ පිරී ඇ‍තේ
ඒ තුල සැඟවුණු මිහිරි හැඟුම් වැල
සිහි‍නෙන් පවා ‍පෙ‍නේ
සිහි‍නෙන් දකිනා අසිරිය ඔබ‍ගේ
හද තුල සදා රැඳේ
බැලු බැලු සැම‍තේ සිනා හඬ ඇ‍සේ
ඔබ‍ගේ රුව මිහි‍රේ

සිතින් පතා ඉන්නම්....

ඔබ ය‍නෙනා තැන මා ගත යනැමුත්
ඔබ නැහැ එය තැකු‍වේ
ඉතින් කියන් ලඳ මා හට නැතිමුත්‍
කාටද ඔ‍බේ ‍සෙ‍නේ
මා හට නැති මුත් ඔබ‍ගේ ‍සෙ‍නෙහස 
මා හද දිනූ ල‍‍ඳේ
සිනා‍සෙන්න මට ඒ ඇති මතුවට
සනසා සිත මා‍ගේ

සිතින් පතා ඉන්නම්....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.