සිතින් පාරමීsithin paaramii

Sithin Parami

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
සමීර ප්‍රේමචන්ද්‍රsamiira preemachandhra

Lyrics

සිතින් පාරමී පිරුවත් නුඹ ළඟ ඉන්න
කඳුළු තොටුපොලක මගේ සිත නතර කරන්න
පෙරුම් පීරූ ආදරයෙන් කඳුළු එපා මනින්න
මගේ රත්තරනේ ඔය හිත අරන් එපා දුරස් වී ඉන්න......

හීන අතරේ ආදරෙන් අපි මාළිගා තනලා
ප්‍රේම වදනින් කෝළ හැඟුමින් නුඹම මට කියනා
හිත තාම ඒ ගැනම හිතනවා මම ආදරෙන් බැඳී
නුඹ නැතිදා මා තනිවී විඳිමි ජීවිතේ විඳවලා.......

ජීවිතේ මට හිමිතුරාවට මගේ පණ මෙන් සිතා
රෑ පුරාවට නිදි වරා නෙතු නුඹ ගැනම හිතුවා
මගේ ආදරේ ළඟ නැවතිලා උන් රත්තරන් දුර ගියා
නුඹ නැතිදා මා තනි වී විඳිමි ජීවිතේ විඳවලා.......

සිතින් පාරමී......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.