සිතින් ලංවීsithin lanwii

Sithin Lanwee

Music:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
Lyrics:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

Lyrics

(සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා 
මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හන්දා)...//

මගේ පපුවේ රැඳුන සුසුමේ ඔයා විතරයි තවත් ඉන්නේ 
රත්තරනේ ඔයා දන්නෑ ඔබට තියෙන ආදරේ තරම් 
නොවෙන් බාධා කොතෙක් ආවත් ඔයා දාලා යන්නෙ නෑ මං
රත්තරනේ ඔයා දන්නෑ ඔබට තියෙන ආදරේ තරම්
ඔබට තියෙන ආදරේ තරම් 
   
සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා 
මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හන්දා

මගේ හීනේ කවුරු නාවත් ඔයා ඉන්නේ මටම විතරයි 
වෙන් වෙලා ඔබෙන් මොහොතක්වත් ඉන්නට බෑනෙ මට නම් දැන් 
ඔයා වාගේ කෙනෙක් ආයෙත් ලැබෙන්නෑනේ කවමදාවත් 
හෙළනා අවසන් හුස්මත් දැන් ඔබ තුරුලේම සැනසෙන්නම් 
ඔබ තුරුලේම මියැදෙන්නම්     
ජීවිතේ මං ඔබට විතරයි මේතරම් පෙම් කෙරුවේ   

සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා 
මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හන්දා
මතු භවේ පවා මම ඔයා පතා එන්නෙමි සොයා මගේ කියා 
එක සිතින් සදා පෙම් කලේ මෙමා ඔබ ගැනම සිතා මගේ කියා 
මතු භවේ පවා මම ඔයා පතා එන්නෙමි සොයා මගේ කියා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.