සිතින් හිඳින්න මට ලංවෙලාsithin hindinna mata lanwelaa

Sithin Hindinna Mata Lanwela

Lyrics

සිතින් හිඳින්න මට ලංවෙලා..
ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා..
මුළු ජීවිතේ.. පැතු ආදරේ..
රැගෙන යළි එනතුරා.. හිදිමි මා මගබලා..

ඔබ පෙරදා, සිත මාගේ, සිත්තම් කෙරුවා..
අද ඔබ නෑ, ඝණ අඳුරේ, මා තනිවෙලා..
ඔබ හා මා ගෙවුන අතීතේ,
රැගෙන එන්න රත්තරනේ,
යළිත් එන්න රත්තරනේ..

සිතින් හිඳින්න....

හද හඩනා, තුන්යාමේ, කඳුලැල් නැගුනා..
හද තැවුනා, උමතු සිනා, සිහිවී ලඳුනේ..
ඔබ හා මා ගෙවුනු අතීතේ,
රැගෙන එන්න රත්තරනේ,
යළිත් එන්න රත්තරනේ..

සිතින් හිඳින්න....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.