Lyrics
සිතින් ගතින් පැතූ පැතුම් තවත් පතන්නේ නෑ
ඔබේ ළඟින් සිතූ සිතුම් තවත් සිතන්නේ නෑ
මගේ ළඟින් ඇතත් නැතත් තවත් හඬන්නේ නෑ
ඔබයි මගේ ටුටු පැටී සිතේ රැඳෙන්නකෝ.......
සීත නුවර වැව් තලේ රැඳී පවන් වැදී ගතේ
ආසනේ රැඳී ඔබේ නීල නෙතු තුළින් බලා
මගේ ළඟින් ඇතත් නැතත් තවත් සිතන්නේ නෑ.......
සිතින් ගතින් පැතූ......
මාගේ ජීවිතේ අරන් ඈත පාවුණා උනත්
අතීතයේ පවන් වැදී හීත වූ සුසුම් ඔබේ
මගේ ළඟින් ඇතත් නැතත් තවත් හඬන්නේ නෑ.......
සිතින් ගතින් පැතූ......