සිතේ පෙම් පුරාsithee pem puraa

Sithe Pem Pura

Lyrics

සිතේ පෙම් පුරා මෙතරම් මොටද මහමෙරක් බරනම්
මමත් මග බලා ඉන්නම් එනතුරා මෙහේ
පෑල දොරින් හෝ එයි නම් භාර ගනිමි රන්කඳ දැන්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්

පැලේ දැල්වෙනා පහනක් මෙන් සිනාසුණේ
ඔබේ රුව තමයි තිබුණේ ලංවෙලා හදේ
දුරින් හිද බලා ඉන්නා දුරින් පෙනෙන රූ රහසින්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්

හිදියි මං මොනා කීව්වත් දන්නෙ නෑ වගේ
කතා බහ ගොළුයි නුඹගේ ඉන්න බෑ වගේ
බලෙන් හරි ලබා ගන්නම් සිහින් ඉග වනා තරහින්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්

සිතේ පෙම් පුරා .... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.