සිතේ පතුලෙන්sithee pathulen

Sithe Pathulen

Music:
රොෂාන් මධුශංකroshaan madhhushanka
Lyrics:
සෝමමාලි විතානවංශsoomamaali withaanawansha

Lyrics

සිතේ පතුලෙන් නැගේ චායා ඈත නිල් අහසේ
නෙතු අග සදා රැඳුනේ කඳුළයි සවිය නෑ ජීවිතේ
හඬයි ඉකි බිඳ ගයන ගීයක නාද තත් අතරේ
සෙනෙහසින් මා දැලුවූ පහනේ එළිය නෑ අඳුරේ
සඳලියේ මාගේ ඔබම ගොළු වූවා 
ආදරේ ඉරි තැලී පාවුණා දැනුනා.......

උදි හිරැ කිරණේ එළිය මට නොදැනේ
සැඳෑ සඳු පායා සිසිල නෑ දැනුනේ
ඔබේ සුවඳයි පැටලී පැටලී
මුළු ගතම වෙළුනේ සදා මගේ 
මුළු දිවිය ඇති තෙක් ඔබ මගේ ආදරේ........

මගේ දිවි කතරේ අඳුරු වී නොසැලේ
නිහඬ රෑ අඳුරේ බොඳ වුණා සිහිනේ
රැඳෙයි මතකේ බිඳුණු සෙනෙහේ
යළි යළිත් මහදේ සෙනෙහසින් 
සිත දොරේ ගැලුවා කඳුළු බිඳු දෑසේ.......

සිතේ පතුලෙන්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.