සිතට හොරා මංsithata horaa man

Sithata Hora Man

Lyrics

සිතට හොරා මං ඔබේ වෙලා දැන් 
ලොවට හොරා මං පෙම් කරන්නම් 
ඇගේ නිසා මං දුරින් හිඳින්නම් 
දුරට වෙලා මං පෙම් කරන්නම් 
වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ 
වෙන් වෙන්නෑ මියෙනතුරු මගේ ආදරේ....

නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ 
ඔය ගලන ගලන කඳුළින් නෙතේ සසලවයි සිත මගේ 
කඳුළු පුරෝගෙන ඉන්න හිතාගෙන 
නුඹේ සිනාවල මියැදෙනනම් ඉතින් මං 
මියැදෙනනම් ඉතින් මං....

පෙරදා රෑ අහසේ පෑයූ සඳසාවී 
අද රෑ මගේ අහසේ පායාපන් රහසේ 
(නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ 
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ...///)
නුඹට දැනෙනවාද දන්නේ නෑ මගේ ආදරේ.... 

සිතට හොරා මං.../

 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.