සිතට දැනුනුsithata dhaenunu

Sithata Danunu

Album
Sihina Ulpatha

Lyrics

සිතට දැනුනු ඔබේ ආදරේ 
කදුළු පිරුණු මගේ ජීවිතේ 
මං තවම ආදරෙයි මං තවම ආදරෙයි 
වෙනසක් නොවේ මගේ ආදරේ 
සිතට දැනුනු ඔබේ ආදරේ 
කදුළු පිරුණු මගේ ජීවිතේ

මහදේ පහන් නිවී ආලෝකයක් නැති 
අඳුරේ ගෙවෙයි ජීවිතේ 
ඔබ නම් සඳක් වැනි ආලෝකයක් ඇති 
ඔය රුව ඇඳෙයි මා සිතේ 
දිගු කාලයක් පුරා ඔබේ ආදරේ පතා 
එන්නේ ඔයා හිමි වන තුරා 

සිතට දැනුනු ඔබේ ආදරේ 
කදුළු පිරුණු මගේ ජීවිතේ 

පෝසත්කමක් නැති අසරණකමක් ඇති 
මා පෙම්වතෙක් මේ ලොවේ 
මුවගේ සිනා පිරි ඔබ දෙව්දුවක් වැනි
පින්වන්තියක් දෝ ලඳේ
ඔබව මට නම් හිමි පණ මෙන් ලඟින් රැඳී 
රැකගන්නෙමි සදා මියෙනා තුරා 

සිතට දැනුනු ඔබේ ආදරේ
කඳුළු පිරුනු මගේ ජීවිතේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.