සිතට දැනෙන මේ ලතැවුල්sithata dhaenena mee lathaewul

Sithata Danena Me Lathawul

Lyrics

(සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ‍ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්.....//)

අද ඔබ නැති බිම තනිවී සිත දවනා අඳුරු හැගුම්
ඉවසන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම්......

සිතට දැනෙන......

අද තනි යහනක වැතිරී රැය නොනිදා නැඟෙන සුසුම්
විඳගන්නම් කවදා හෝ ඔබ ළං වේ නම්......

සිතට දැනෙන......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.