සීතල හීනේ මගේ වෙලා ලං වෙලාsiithala hiinee magee welaa lan welaa

Sithala Hine Mage Wela

Lyrics

සීතල හීනේ මගේ වෙලා ලං වෙලා
සත්තයි දැනුනේ නෑ වරදක් කරයි කියා
නුබේ නමින් දුන් ප් ‍රේමේ වෙනස් වුනේ නෑ මාගේ
නැතිබැරිකමටද ආදරේට බොරු කලේ

(නෑ පලිගැනුමක් හිතයට හීනයකින්වත්
පේන මානේ ඉන්න ඕනේ මගේ පන ඔයා...//)

(තුරුලට වෙලා උන්නු මතකය දිගේ 
නුබ දුන්නු ඒ හීන අදටත් මැවේ..//)
දිවුරා මගේ දෑතේ රවටා දමා ප් ‍රේමේ
තිබුනාද වරදක් කියන් මගෙ අතේ

නෑ පලිගැනුමක්...//

(පෙරවාගේ නැතුවාද ආදරේ තරම්
දුක් වින්දේ නුබ හින්දා මං මේ තරම්..//)
දිවුරා මගේ දෑතේ රවටා දමා ප් ‍රේමේ
තිබුනාද වරදක් කියන් මගෙ අතේ

සීතල හීනේ මගේ වෙලා ලං වෙලා...

නෑ පලිගැනුමක් හිතයට...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.