සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේsithakin nowee obagen samu gannee

Sithakin Nowe Obagen

Lyrics

සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ
පිලිතුරු නැති හන්දා
කොතරම් පිදුවත් අගයක් නොවේ නම්
ලතවී හිඳින් ඇයිද මා

කිසිවක්ම නොඅසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ
කිසිවක්ම නොඅසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ
සිතුවම් මවා වි දෙකුපුල් තෙමා
ඉවසුම් නොදේ මේ ලෙසින්

සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ
පිලිතුරු නැති හන්දා
කොතරම් පිදුවත් අගයක් නොවේ නම්
ලතවී හිඳින් ඇයිද මා

ඈතින් ඈතට වෙන් වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ
ඈතින් ඈතට වෙන් වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ
කඳුළක් වුණා දෝ මගේ ජීවිතේ
උරුමය මෙසේ වේවි නම්

සිතකින් නොවේ ඔබගෙන් සමු ගන්නේ
පිලිතුරු නැති හන්දා
කොතරම් පිදුවත් අගයක් නොවේ නම්
ලතවී හිඳින් ඇයිද මා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.