සිතකින් හැඩූ කඳුළුsithakin haeduu kandulu

Sithakin Handu Kandulu

Lyrics

සිතකින් හැඩූ කඳුළු මා නෙතේහි බල හිඳී
තනිවී පරාජිතව - මා දිවා රෑ බලා ඉඳී..//
මායා මනෝ ලොවේ පෙර..// දින මා සිනාසුනා...

පෙරදා සුරංගනා ලියකට මා සිනාසුණා
සැමරුම් මැවූ දිනක මා නැගූ ඒ විළපයේ
සුසුමින් අතීතයට මා - සදාකල් ගියා ප්‍රියේ
කඳුළින් නිවා වර්ණවූ ලොව...

කොහෙදෝ කොහේ තියේ - මා හා ඔබේ සෙනේ සමුගත් දා
මගේ ලොවේ නිවුණා ප්‍රදීපයේ - ගිනි සිළු නිවුණා භවෙන් භවේ
වරදක්‌ උනේ ප්‍රියේ කෙදිනක හෝ මගේ නොවේ..
අඳුරින් මිදී දෙදෙන හා - සිනාසී නෙතින් නෙතේ.
සුරතින් බැඳී දිනක මා පිපේවා හැඟුම් සිතේ
ඉවසා ඉඳින්නදෝ එනතුරු ඒ අනාගතේ
තනිවී පරාජිතවී මා බලා හිඳී...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.